බදුළු ඔයේ කාන්තා මළ සිරුරක්
May 11, 2025 02:20 pm
බදුල්ල ප්‍රදේශයේ ඇති බදුළු ඔයේ තිබී කාන්තා මළ සිරුරක් අද (11) දහවල් හමුව තිබේ.
බදුල්ල හංවැල්ල පාලමට පහළින් මදුළු ඔයේ මෙම මළ සිරුර ගසාගෙන එන බවට ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඉන් මද වේලාවකට පසු එම සිරුර ඔය අද්දර පිහිටි ගලක සිරවී නතරව තිබේ.
පසුව ප්‍රදේශවාසීන් විසින් මේ බව බදුල්ල පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුව එම ස්ථානයට පැමිණි අයෙකු මියගොස් ඇත්තේ තම මව බවට හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඇය මීට දින තුනකට පෙර අතුරුදන්ව ඇති බවත් ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කළ බවත් පවසා තිබේ.
පසුව බදුළු ඔයේ මළ සිරුරක් ඇති බවට පොලීසිය පැවසීමත් සමග තමන් පැමිණ එම මළ සිරුර පරීක්ෂා කළ බවත් එය තම මවගේ මළ සිරුර බවට හඳුනාගනු ලැබූ බවත් එහිදී ඔහු පවසා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල සිරිමල්ගොඩ පදිංචි අවුරුදු 54ක් වූ කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කෙට අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.