කැලෑ කුමාරි යළි දුවයි

කැලෑ කුමාරි යළි දුවයි

November 8, 2018   04:22 pm

පොතුහැර දුම්රිය ස්ථානය අසලදී මගීන් පිරිසක් දුම්රිය මාර්ගය අවහිර කරමින් කලහාකාරි ලෙස හැසිමේ සිද්ධියට විරෝධය පල කරමින් ධාවනයෙන් ඉවත් කර තිබූ සීඝ්‍රගාමී දුම්රිය අද(08) සිට යළි ධාවනය කරෙන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේ මේ පිළිබඳව විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් මෙහෙයුම් අධික්ෂණ නිලධාරින්ගේ සංගමය ඒකාබද්ධව එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන  ඇති බව සඳහන් වෙයි.

එම නිසා අදාල වෘතිත්ය සමිති ක්‍රියාමාර්ගය අත්හැරිමට කටයුතු කළ බව ඔහු කියා සිටියේය.

ඒ අනුව ධාවනයෙන් ඉවත් කර තිබූ කොළඹ කොටුව සිට කුරුණැගල බලා ධාවනය වන අංක 468 දරණ දුම්රිය අද සිට පස්වරු 04.40ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරිමට නියමිතව තිබේ.

මෙම දුම්රිය බොහෝ දුම්රිය මගීන් “කැලෑ කුමාරි“ යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබයි.