රනිල්ට විතරයි එන්න කිව්වේ නැත්තේ

රනිල්ට විතරයි එන්න කිව්වේ නැත්තේ

November 8, 2018   04:19 pm

හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැර යුතුකමක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ සියළුම දෙනාටම ඇරයුම් කළ බව අමාත්‍ය එස්.බී.දිසානයක මහතා පවසයි. 

අද(08) නිදහසේ මධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එලෙස ඇරයුම් කළ එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන්ට කිසිඳු මුදලක් ලබා දෙන බවට පොරොන්දු නොවු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මෛත්‍රීපාල සිරිසෙන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ශක්තිමත් ආණ්ඩුවවක් සකස් තරන බවත් ශක්තිමත් අයවැයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.