UNPයේ පෙළපාලිය නිසා කොළඹ හිරවෙයි

UNPයේ පෙළපාලිය නිසා කොළඹ හිරවෙයි

November 8, 2018   03:44 pm

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය හරහා ගමන් ගන්නා රථ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද(08) දහවල් 12.00ට කොළඹ ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කළ මෙම පෙළපාලිය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පැවැත්වෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.