වරාය නගරය අල්ලන්න ගිය ගැටුමෙන් පිරිසක් මරුට
සයුරෙන් එතෙර

වරාය නගරය අල්ලන්න ගිය ගැටුමෙන් පිරිසක් මරුට

November 8, 2018   02:52 pm

යේමනයේ හමුදා  සහ කැරලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 150කට අධික පිරිසක් මියගොස් ඇත.

එරට ප්‍රධාන මර්මස්ථානයක් වන හොඩිඩාහි වරාය නගරය අත්පත් කර ගැනීම සඳහා පවති ගැටුම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් හොඩීඩා ප්‍රදේශයේ සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය සේවා කටයුතු රාශියක් අඩපණ වි ඇති බව සඳහන් වෙයි.‍

මෙම ගැටුම් අවසන් කිරීම සඳහා දේශපාලනික විසදුමක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.