කිම් ජොන් ඝාතන නඩු විභාගය අරඹයි
සයුරෙන් එතෙර

කිම් ජොන් ඝාතන නඩු විභාගය අරඹයි

November 8, 2018   02:06 pm

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අර්ධ සොහොයුරා වන කිම් ජොන් නාම්, ඝාතන නඩුව විභාග කිරීම මැලේසියානු අධිකරණයකදී ආරම්භ වී ඇත.

උතුරු කොරියානු නායකයාගේ අර්ධ සොහොයුරු කිම් ජොන් නාම් මැලේසියාවේ ගුවන් තොටුපලකදී  විශ ශරීරගත කර ඝාතනය කළේ පසුගිය වසරේ පෙබරවාරි 13 වනදායි.

කාන්තාවක් විසින් ඔහුගේ ශරීරයට විෂ එන්නත් කරන අයුරු ගුවන් තොටුපලේ සීසීටීවී කැමරාවල සටහන්ව තිබී ඇති අතර ඒ අනුව සිදුකළ පරීක්ෂණ වලදී ඝාතනයට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් දෙදෙනාට එරෙහි නඩු විභාගය මැලේසියානු අධිකරණයකදී ඊයේ (7) ආරම්භ විය.

අදාල කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 20ගණන්වල පසුවන අය වන අතර ඝාතනයට තමන් වරදකරුවන් නොවන බව ඔවුන් දෙදෙනාම පවසා තිබේ.

විරුද්ධ පාර්ශවය නියෝජනය කරන නීතීඥවරුන් එහිදී පැවසුවේ කිම් ජොන් නාම්ගේ ඝාතනය දේශපාලන පෙලඹවීමක් මත සිදු කරන්නට ඇති බවයි.