රත් වුණ උතුර දැන් සීතලයි

රත් වුණ උතුර දැන් සීතලයි

November 8, 2018   01:36 pm

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැඩි තත්ත්වයේ අඩු වීමක් නොවැම්බර් මස 10 වන දින සිට බලාපොරොත්තු විය හැකි බව ද ඔවුන් නිවේදනය කරයි.

උතුරු සහ උතුරු මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේකෂා කළ හැකියි.

මෙම ප්‍රදේශවලට අමතරව දකුණු පළාත්වල විටින් වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, දිවයිනේ සෙසු පළාත්වලට අද සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි විය හැකි බව ද පැවසෙයි.