ශීත පෙට්ටියෙන් රට පැන්න අය
සයුරෙන් එතෙර

ශීත පෙට්ටියෙන් රට පැන්න අය

November 8, 2018   12:07 pm

බ්‍රිතාන්‍යයට ඇතුල් වූ අධිශීතකරණයකින් සමන්විත ලොරි රථයක සිටි පුද්ගලයින් 21 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබේ.

ළමුන් සහ තරුණයින් ඇතුළුව පුද්ගලයින් 21 දෙනෙකු සමඟ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයට ඇතුල්වීමට උත්සහ දැරූ අධිශීතකරණයකින් සමන්විත ලොරි රථයක් දේශ සීමා බලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

එම පිරිස වියට්නාම ජාතිකයින් බවට සැක පල කරන අතර ඔවුන් පිළිබඳව ආගමන නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සඳහන් වෙයි.

ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

එමෙන්ම ළමුන් පිරිස සමාජ සේවා නිලධාරීන් භාරයට පත් කිරීමටත් බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් වන අතර ලොරි රථය ප්‍රංශයේ සිට පැමිණ ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

එහි රියදුරා රුමේනියානු ජාතිකයෙක් වන අතර නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයට ඇතුල්වීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.