මාධ්‍ය නිදහස අවහිර වුණ මොහොතක්
සයුරෙන් එතෙර

මාධ්‍ය නිදහස අවහිර වුණ මොහොතක්

November 8, 2018   11:43 am

සී.එන්.එන් ආයතනයේ මාධ්‍යවේදියෙකුට අමෙරිකාවේ ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාක් ආවරණය කිරීම තහනම් කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය හමුවකදී අදාළ මාධ්‍යවේදියා විසින් ප්‍රශ්න යොමු කිරීමේදී ජනාධිපතිවරයා විසින් ඔහු මාධ්‍ය හමුවෙන් ඉවත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම මාධ්‍යවේදියා භයානක හා බිහිසුණු පුද්ගලයෙකු ලෙස හඳුන්වා ඇති බව සඳහන් වෙයි.

ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසා ඇත්තේ එම මාධ්‍යවේදියා විසින් කාන්තාවකට බාධා කරමින් හැසිරුණු බවයි.

කෙසේවෙතත් අදාළ මාධ්‍යවේදියා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.