ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පරාජයක්

November 8, 2018   11:00 am

සංචාරක ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති 20යි 20 ක්‍රිකට් තරගයෙන්  කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18යි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 85ක් පමණි.

ලකුණු 31ක් ලබා ගනිමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට හසිනි පෙරේරා  පත් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 86ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 13යි පන්දු 02ක් තුල කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.