නවසීලන්ත-පාකිස්ථාන තරග ජය නවසීලන්තයට

නවසීලන්ත-පාකිස්ථාන තරග ජය නවසීලන්තයට

November 8, 2018   10:39 am

නවසීලන්ත කණ්ඩායම සහ  පාකාස්ථාන කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 47කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 266ක් ලබා ගනු ලැබීය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 80ක් සහ ටොම් ලැතම් ලකුණු 68ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු  ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමට පන්දු වාර 47යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 219ක් පමණකි.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් සරොස් අහමඩ් ලකුණු 64ක් සහ ඉමාඩ් වසීම් ලකුණු 50ක් ලබා ගනු ලැබීය.