විජයග්‍රහණයේ සැමරුමක්
සයුරෙන් එතෙර

විජයග්‍රහණයේ සැමරුමක්

November 8, 2018   09:26 am

රුසියාවේ ඓතිහාසික හමුදා පෙළපාලිය මොස්කව් නුවරදී පවත්වා ඇත.

ඔක්තෝබර් විප්ලය සැමරීම සඳහා වාර්ෂිකව එය පවත්වනු ලබන අතර 1917 වර්ෂයේදී එවකට පැවති සෝවියට් දේශයේ සිදුවූ ඔක්තෝබර් විප්ලවය හෙවත් බොල්ෂෙවික් විප්ලවය සිහිපත් කරමින් රුසියාවේ වාර්ෂිකව හමුදා පෙළපාලියක් පවත්වනු ලබයි.

එමඟින් නාසි හමුදාවන් පරදා සෝවියට් දේශය අත්කරගත් පළමු මතවාදීය විජයග්‍රහණය නිරූපණය කෙරෙන බව මොස්කව් බලධාරීන් පවසා සිටියි.

1941 වර්ෂයේදී ආරම්භවූ එම පෙළපාලිය මේ වසරේදී පැවැත්වුණේ 77වන වරට වන අතර මොස්කව් නගරයේ රතු චතුරස්‍රයේ පැවති මෙවර පෙළපාලිය සඳහා හමුදා සාමාජිකයින් 5000 පමණ සහභාගි වී ඇත.

එම අවස්ථාවට රුසියානු වැසියන් විශාල පිරිසක් සහභාගි වී සිටි ආකාරයත් දක්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

1941 වසරේ පැවති පළමු ඓතිහාසික හමුදා පෙළපාලියට, හිට්ලර්ගේ හමුදාවෙන් ගුවන් ප්‍රහාර එල්ලවීමට තිබූ අවධානම පවා නොතකමින් විසි අටදහසකට අධික පිරිසක් සහභාගි වී ඇත.