පුංචි කැරළිකරුවන් පිරිසක් අත්අඩංගුවට
සයුරෙන් එතෙර

පුංචි කැරළිකරුවන් පිරිසක් අත්අඩංගුවට

November 7, 2018   04:52 pm

රැදවුම් කඳවුරට ගිනි තබා පලායාමට උත්සාහ කළ බාලවයස්කරුවන් පිරිසක් පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියවේ බාලවයස්කරුවන් රදවා තබන කඳවුරක කැරැල්ලක් මතුව තිබෙන අතර ඒ අතරතුර අදාල ගොඩනැගිල්ලට ගිනිතැබීමටද පිරිස කටයුතු කර තිබේ.

ගින්න පැතිරෙන අතරතුර රැදවුම් කදවුරින් පලායාම පිරිසගේ අපේක්ෂාව වූ බවද එරට මාධ්‍ය අනාවරණය කර ඇත.

ඩාවින් හි පිහිටි මේ කදවුරේ වයස අවුරුදු 14ත් 17ත් අතර බාලවයස්කරුවන් රදවා සිට ඇති අතර ඔවුන් එක්ව කඳවුරේ  යතුරු සොරාගෙන ඇති අතර ඉන් පසුව පිරිස පලායාමට උත්සාහ දරා ඇති බවද සදහන්ය.

මේ අතර කලහකාරී ලෙස හැසිරුණු බාලවයස්කරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවද වාර්තා වුණා.

ගැටුමෙන් කිසිවෙකුටත් අනතුරක් වී නැති අතර සිදුවීම පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.