තවත් රාජතාන්ත්‍රික හමුවක්
සයුරෙන් එතෙර

තවත් රාජතාන්ත්‍රික හමුවක්

November 7, 2018   04:36 pm

මේ දිනවල චීනයේ නිල සංචාරයක නිරත වන රුසියානු අගමැතිවරයා සහ චීන මහාමාත්‍යවරයා අතර හමුවක් පසුගියදා පැවැත්වුණි.

සංචාරය අතරතුර චීනය සහ රුසියාව අතර ගිවිසුම් කිහිපයකට එළඹීමටද නියමිතව ඇති බව වාර්තා වෙයි.

රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදේව් සහ චීන රාජ්‍ය කවුන්සිලයේ මහාමාත්‍ය ලී ක්වජුන් අතර හමුවක් පසුගියදා සිදුවිය.

රුසියානු සහ චීන රාජ්‍ය නායකයන් අතර 23වැනි හමුවට සහභාගිවිම සඳහා රුසියානු අගමැතිවරයා මේ දිනවල චීනයේ සංචාරයේ නිරතවෙමින් සිටින අතර රාජ්‍ය නායකයන් අතර සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා සහ සාකච්ඡාවට ගැනුණු කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී නිල නිවේදනයක්  නිකුත් කරමින් මාධ්‍ය වෙත අනාවරණය කිරීමට තමන් සූදානම් බව රුසියානු නියෝජ්‍ය අගමැතිවරයා පවසා සිටියේය.

සංචාරය අතරතුර දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිව ඇත.

එහිදී ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීමට සහ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් නිර්මාණය කරන හෙලිකොප්ටර් යානාවක් සම්බන්ධ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට සූදානමින් පසුවන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.