සිංහයන්ගේ පළමු ඉනිම ලකුණු 203කට සිමා වෙයි

සිංහයන්ගේ පළමු ඉනිම ලකුණු 203කට සිමා වෙයි

November 7, 2018   04:28 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ දෙවන දිනය වන අද දිනයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින එංගලන්ත කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 35 ක් ලබා සිටියි

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 342  ක් ලබා ගත්තේය.