සිංහයන් තවත් ලකුණු 206 ක් පිටුපසින්

සිංහයන් තවත් ලකුණු 206 ක් පිටුපසින්

November 7, 2018   02:35 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 5 ක් බිඳ වැටී ලකුණු 136 ක් ලබා සිටියේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පළමු ඉනිමට වඩා කඩුලු 05 ක් අතැතිව ලකුණු 206 ක් පිටුපසින් පසුවෙයි.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් ලබා සිටින අතර තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 342 ක් ලබා ගත්තේ ය.