සිංහයන්ට ලකුණු 343ක ඉලක්කයක්

සිංහයන්ට ලකුණු 343ක ඉලක්කයක්

November 7, 2018   10:52 am

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට්‍ ක්‍රිකට් තරඟයේ සිය පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 342 ක් ලබාගෙන තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ එංගලන්ත පළමු ඉනිම මීට ටික වේලාවකට පෙර නිමා වූ අතර එම ඉනිම වෙනුවෙන් බෙන් ෆෝක්ස් ලකුණු 107 ක් ලබා ගැනීමට සමත් වුණි.

මෙම තරගය ෆෝක්ස්ගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය වීමද විශේෂත්වයකි.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කඩුලු 05 ක් ද සුරංග ලක්මාල් කඩුලු 03 ක්  ද බිඳ හෙළු‍වේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටයි.