එංගලන්තය පළමු ඉනිම අවසානයේ ලකුණු 321යි

එංගලන්තය පළමු ඉනිම අවසානයේ ලකුණු 321යි

November 6, 2018   10:40 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (06) ආරම්භ විය.

අද දිනය සඳහා තරගය නතර කරන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කර ගෙන සිටියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වු තරගය, ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් ගේ අවසන් ටෙස්ට් තරගයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණ කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුළු දෙක ලකුණු 10ක් තුළදී දැවි ගියේ සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේයි.

අනතුරුව ලකුණු 35ක් රැස් කරගෙන සිටි,නායක ජෝ රූට් එංගලන්ත ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දවා ගැනීමට රංගන හේරත් සමත් විය.

හේරත් ලබා ගත් එම කඩුල්ලත් සමඟ ඔහු වාර්තා අතරට එක් වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී කඩුළු 100ක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා ලෙසයි.

රංගන හේරත් මේ වන විට  ටෙස්ට් කඩුළු 431ක් දවාගෙන ඇති අතර ඔහු වැඩිම ටෙස්ට් කඩුළු දවා ගත් ක්‍රීඩකයන් අතර සම දස වන ස්ථානයට පැමිණියේය.

ඉන්පසු එංගලන්ත ඉනිමේ තවත් කඩුළු තුනක් දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් විය.

අනතුරුව පිටියට පිවිසි ටොම් කරන් සමඟ බෙන් ෆොක්ස් 7 වන කඩුල්ල සඳහා ගොඩනැගූ සබඳතාව ලකුණු 88ක්.

ටොම් කරන් ලකුණු 48යි.