වසර 17 කට පසු ලැබූ ටෙස්ට් ජයක්

වසර 17 කට පසු ලැබූ ටෙස්ට් ජයක්

November 6, 2018   06:53 pm

වසර 17 කට පසුව සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(06) සමත්  විය.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 151 කින් ජයග්‍රහණය කිරීමත් සමඟ යි.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 282 ක් ලබා ගත්තේය.

ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්‍රිඩකයින් දැවී සිය පළමු ඉනිම සඳහා ලබාගත හැකි වුයේ ලකුණු 143  ක් පමණ යි.

ලකුණු 139 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවෙනි ඉනිම ආරම්භ කල සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 181 ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය.

ඒ අනුව ලකුණු 321 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට තරඟයේ සිව්වන දිනය වූ අද දිනයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169 ක් පමණ යි.