ලංකාව රනින් සැරසු පුංචි හපනෙක්

ලංකාව රනින් සැරසු පුංචි හපනෙක්

November 6, 2018   05:23 pm

පසුගියදා පැවති ආසියා ෆැසිපික් ශාන්තිකර කලාපීය අන්තර් ජාතික ජල රොකට් තරඟාවලියෙන් රන් පදක්කම් දෙකක් ජයග්‍රණය කිරීමට ශ්‍රී ලාංකික සිසුවෙකු සමත්ව තිබේ.

තරඟාවලිය මෙවර පැවැත්වුණේ 25වන වරටයි.

25 වන ආසියා ෆැසිපික් ශාන්තිකර කලාපීය අන්තර් ජාතික ජල රොකට් තරඟාවලිය පසුගියදා සිංගප්පූරුවේදී පැවැත් විය.

මෙම තරඟාවලිය සඳහා රටවල් 12ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70ක් පමණ සහභාගී වී තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකිවන් 06 දෙනෙකු සහභාගී වූ අතර ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය මඟින් එම සිසුන් සහභාගී කරවා තිබේ.

එම තරඟාවලියේදී ඉසව් දෙකකින් රන් පදක්කම් දෙකක් ජයග්‍රණය කිරීමට කැකිරාව මාධ්‍යමහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයෝම්‍ය කරවිට සිසුවා සමත් විය.

තරග ජයග්‍රහනයෙන් පසු ශ්‍රී ලාංකික  තරගකරුවන් පිරිස ඊයේ(05) රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.