බලන්ගොඩ නගර සභාවේ ගුටි කෙළියක්

බලන්ගොඩ නගර සභාවේ ගුටි කෙළියක්

October 11, 2018   02:46 pm

ඉන්ධන මිල සූත‍්‍රයට එරෙහි බලංගොඩ නගර සභාවේ අද(11) උණුසුම් තත්ත්වයක් හටගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

හිටපු සභපති නිමල් ගාමනී වීරසිංහ සහ සභාපති චමික ජයමිනි වැවේගෙදර මහතා අතර වචන හුවමාරුවක් සිදු වී තත්ත්වය ගැටුමක් බවට පත් වීම නිසා සභාව උණුසුම් බව වාර්තා වෙයි.

අනතුරුව හිටපු සභාපති නිමල් ගාමිණී වීරසිංහ සභාවෙන් පිටව ගියේ පපුවේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ප‍්‍රථාකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත යන බව පවසමින්ය.

අද පෙරවරුවේ සභාව ආරම්භ වන අවස්ථාවේදී පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රී වරුන් 07 ක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත‍්‍රී නිමල් ගාමිනී වීරසිංහ මහතා ඇතුළු මන්ත‍්‍රී පිරිස විරෝධතා පුවරු අතැතිව කළු පටි පැලඳ සභාවට පැමිණ අසුන් ගත්තේය.

ඒ,  ඉන්ධන මිල සූත‍්‍රයට එරෙහිවත්, ඩොලරයේ අගය ඉහළ යෑමත්, විපක්ෂ මන්ත‍්‍රී වරුන්ට ඇහුම්කන් නොදීමත්, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති හා ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත‍්‍රන හෙලා දැකීම යන කරුණු කිහිපයකට විරෝධය පළ කරමින්ය.

මේ වන විට බලන්ගොඩ නගර සභාවේ හිටපු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මහතා බළන්ගොඩ මූලික රෝහලේ ප‍්‍රථිකාර ලබයි