එංගලන්තයේ අභියෝග බාර ගන්න සිංහ පැටව් සුදානමින්

එංගලන්තයේ අභියෝග බාර ගන්න සිංහ පැටව් සුදානමින්

October 9, 2018   06:48 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට(10) පැවැත් වෙයි.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන හෙට තරගය සවස 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

දඹුල්ල ප්‍රදේශයට විටින් විට වර්ෂාව ඇඳ හැලීම හේතුවෙන් කණ්ඩායම් දෙකම අද සිය අවසන් පුහුණු සැසිවලට සහභාගි වුයේ නැහැ.

කෙසේ වෙතත් පසුගිය තරගවලදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් එංගලන්ත තරගාවලියට සහභාගි වීමට තම කණ්ඩායම සූදානම් බව ශ්‍රි ලංකා නායක දිනේෂ් චන්දිමාල් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ආරම්භක පිතිකරුවන් 4 දෙනෙකු සිටින බවත්, පන්දු රැකීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර එංගලන්ත කණ්ඩායමට හොඳ අභියෝගයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් පවතින කාලගුණික තත්ත්වය මත තවමත් අවසන් කණ්ඩායම තීරණය කර නොමැති බව ද සඳහන් වෙයි.