ව්‍යාඝ්‍රයෙකුගේ පහරදීමෙන් සත්වෝද්‍යාන සේවකයෙකු මරුට
සයුරෙන් එතෙර

ව්‍යාඝ්‍රයෙකුගේ පහරදීමෙන් සත්වෝද්‍යාන සේවකයෙකු මරුට

October 9, 2018   09:44 am

සුදු ව්‍යාඝ්‍රයෙකු පහරදීමෙන් ජපානයේ සත්වෝද්‍යානයක සේවකයෙකු මියගොස් තිබේ.

කගෝෂිමා ප්‍රදේශයේ පිහිටි අදාළ සත්වෝද්‍යනයේ  ව්‍යාඝ්‍රයින් සිව් දෙනෙකු රඳවා සිටින අතර ඉන් එක් ව්‍යාඝ්‍රයෙකු මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

එම අවස්ථාවේ දී සත්වෝද්‍යනයේ අනෙකුත් සේවකයින් විසින් අදාළ පුද්ගලයා බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණ ද ඔහු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 40 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.