ආසියානු පැරා ක්‍රිඩා උළෙලේ  පදක්කම් 5ක් ලංකාවට

ආසියානු පැරා ක්‍රිඩා උළෙලේ පදක්කම් 5ක් ලංකාවට

October 8, 2018   04:54 pm

ඉන්දුනිසියාවේ ජාකර්තා හිදී පැවැත්වෙන තුන්වැනි ආසියානු පැරා ක්‍රිඩා උළෙලේ තෙවන දිනය අදයි (08).

රටවල් 43ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 3000ක් පමණ මෙම තරඟාවලියට සහභාගි වී සිටියි.

මෙතෙක් පැවැති තරඟ වලදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කමක් දිනා පදක්කම් සටහනේ දසවන ස්ථානයේ පසු වෙමින් සිටි.

චීනය රන් පදක්කම් 19ක් ඇතුළු සමස්ත පදක්කම් 35ක් ලබා පෙරමුණේ පසුවන අතර දෙවන සහ තුන්වන ස්ථාන රන් පදක්කම් 05ක් බැගින් ලැබූ ජපානයට සහ කොරියාවට හිමිව තිබේ.