රාජ්‍ය ලේකම් චිනයට
සයුරෙන් එතෙර

රාජ්‍ය ලේකම් චිනයට

October 8, 2018   04:04 pm

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චින සංචාරයක නිරත වේ.

චීන විදේශ අමා්‍ය වෑන් යී සමඟ අද(08) ඔහු විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.

චීනය සහ අමෙරිකාව අතර පවතින වෙළදාම සම්බන්ධයෙන් මෑතකදී ගත් ප්‍රතිපත්ති සහ  වෙනත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.

දකුණු චීන මුහුදේ තත්ත්වය සහ තායිවානය පිළිබඳ ගැටළුව ද චීනය සහ අමෙරිකාව අතර දුරස්තභාවයට හේතුවී ඇති බව වාර්තා වන්නේය.

මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොං අන්  රුසියානු සංචාරයකට සූදානම් බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන්  අද ප්‍රකාශ කළේය.

චීන ජනාධිපති ෂී ජිං පින් ද උතුරු කොරියාවේ සංචාරයකට එක්වීමට නියමිතයි.