ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අරඹයි

ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අරඹයි

October 7, 2018   04:37 pm


ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඩුබායිහිදී  අද (07) ආරම්භ විය.

 තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ඔවුන් ලබා සිටි ලකුණු සංඛාව 89ක්.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඉමාම් උල්හක් ලකුණු 36ක් ද මොහොමඩ් හෆීස් ලකුණු 48ක් ද ලබා සිටියා.