රැකියා විරහිත පුද්ගල ප්‍රතිශතය වාර්තාගත ලෙස පහලට
සයුරෙන් එතෙර

රැකියා විරහිත පුද්ගල ප්‍රතිශතය වාර්තාගත ලෙස පහලට

October 6, 2018   09:27 am

අමෙරිකාවේ රැකියා විරහිත පුද්ගලයින්ගේ ප්‍රතිශතය වාර්තාගත ලෙස අඩු වී තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී එය සියයට 3යි දශම 7කින් අඩු වී ඇති අතර එය 1969න් පසු වාර්තා වූ අවම අගය මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම අදාළ මාසය තුළ නව රැකියාලාභීන් එක්ලක්ෂ 34,000ක් පමණ එකතු වී ඇති බව අමෙරිකානු කම්කරු දෙපාර්තමෙන්තුව පවසා තිබේ.

වෘත්තීය, ව්‍යාපාරික සේවා, සෞඛ්‍ය සේවා හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල රැකියා අවස්ථා මෙලෙස වර්ධනය වී ඇති අතර පැයකට උපයන ආදායම ද සියයට 2යි දශම 8කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් පසුගියදා අමෙරිකාවට බලපෑ ෆ්ලොරන්ස් සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා 18,000ක් පමණ අහිමි වී ඇති අතර එම නිසා බොහෝ පිරිසක් මෙලෙස වෙනත් රැකියා සඳහා යොමු වීමට හේතු වී ඇති බව ද විදෙස් මාධ්‍ය පැවසීය.