පාසල් සිසුන් 25 ක් රෝහලට යැවූ බඹර ප්‍රහාරය

පාසල් සිසුන් 25 ක් රෝහලට යැවූ බඹර ප්‍රහාරය

September 14, 2018   02:06 pm

 

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල විම හේතුවෙන් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 25 දෙනෙකු පමණ  මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව මස්කෙලිය පොලිසිය පවසයි.

අද(14) දහවල් 12.00 ට පමණ පාසලේ විවේක කාලයේදි ක්‍රිඩා පිටියේදි සෙල්ලම් කරමින් සිටි සිසු සිසුවියන් පිරිසකටයි මෙම ප්‍රහාරය එල්ල වි ඇත.

මෙම ප්‍රහාරයෙන් පහ වසරේ සිසු සිසුවියන් පිරිසක් තුවාල ලබා ඇති බවයි එම විදුහලේ ගුරුවරයෙකු කියා සිටියේය.

බඹර ප්‍රහාරය එල්ල විම නිසා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ  අනුමැතිය  පරිදි  පාසල තාවකාලිකවවසා දැමිමට පියවර ගත බව එම විදුහලේ ගුරුවරයෙකු කියා සිටියේය.

බඹර ප්‍රහාරය සම්බන්ධව මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.