අනූ නවයෙන් බේරුණ ජීවිත - CCTVදර්ශන සහිතයි

අනූ නවයෙන් බේරුණ ජීවිත - CCTVදර්ශන සහිතයි

September 14, 2018   01:40 pm


බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල, බෝගහමඩිත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 7දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අද දෙරන වාර්තාකරු පවසයි.

ඊයේ(13) සවස 6.30 පමණ මෙම අනකුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

බුදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන ආකාරය අසළ තිබු ආරක්සක කැමරාවකද සටහන්ව තිබුණි.

ඇල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වි පැමිණෙන අවස්ථාවෙදී මෙලෙස වෑන් රථය අනතුරට ලක්ව ඇති අතර වෑන් රථයේ සිටි පිරිස බීමතින් සිටි බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකි.

තුවාල ලැබු පුද්ගලයින් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ ඇති බවත් කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොමැති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මේ අතර මෙම අනතුර ආවරණය කිරීමට ගිය අප වාර්තාකරුට අනතුර සිදුවූ පාර්ශවයේ පුද්ගලයන්ගෙන් බාධා කළ ඇති අතර එම බාධා කළ පුද්ගලයින් හාලිඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් හාලිඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.