Back to Top

ඇමෝනියා කාන්දුවකින් පුද්ගලයින් 5 කට තුවාලයි

ඇමෝනියා කාන්දුවකින් පුද්ගලයින් 5 කට තුවාලයි

September 14, 2018  12:48 pm

Bookmark and Share

 

‍හොරණ, ඉංගිරිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක සිදු වූ ඇමෝනියා වායු කාන්දුවක් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද (14) උදෑසන කර්මාන්ත ශාලාවට රැගෙන ආ ඇමෝනියා වායුව අඩංගු සිලින්ඩර් පැටවූ ලොරි රථයකින් එම සිලින්ඩර  පිටතට ගැනිමේදී එක් සිලින්ඩරයක් පුපුරායාමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

MOST VIEWED VIDEO STORIES