Back to Top

චීන සමාගමට බැදිගම ප්‍රදේශවාසීන්ගේ විරෝධය

චීන සමාගමට බැදිගම ප්‍රදේශවාසීන්ගේ විරෝධය

September 14, 2018  12:03 pm

Bookmark and Share

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගම විසින් විරකැටිය විතාරන්දෙණිය බැදිගම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු නොසැලකිලිමත් අයුරින් සිදුකිරීමට විරෝධය දක්වමින් අද (14) ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් ඔවුන්ගේ විරෝධතාවය පල කලහ.

ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගමේ රථවාහන දිනපතා බැදිගම සිට කසාගල දක්වා ඇති මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් මේ වන විට මාර්ගයේ ගමන්කල නොහැකි තත්වයක් උදා වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 

රාත්‍රී කාලයේදී පවා සමාගමේ සේවකයින් ඉදිකිරීම් කටයුතු සිදුකිරීම නිසා රාත්‍රී කාලයට පවා අධික ශබ්දයක් ඇති වීම හේතුවෙන් නිවෙස් වල වාසය කිරීමට අපහසු තත්වයක් උදා වී ඇතැයිද ප්‍රදේශවාසීහු පවසති. 

මේ හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගමට සිය විරෝධතාවය දක්වමින් ප්‍රදේශවාසීන් පිරිසක් උදෑසන 6.30 පමණ සිට රථවාහන ගමනාගමනයට බාධා ඇතිවන පරිදි මාර්ගය අවහිර වන ලෙස ගල් යොදා චීන වැඩපල ඉදිරිපිට එක්රැස්වී සිටියහ.

වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රසික සම්පත් මහතා එම ස්ථානයට පැමිණීමෙන් පසුව චීන සමාගමේ සේවකයින් හා ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කර ඉදිරි දින කිහිපයේදී නිසි විසදුමක් මෙයට ලබාදෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.
 
ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිවූ අතර වැඩපලෙහි ඉදිකිරීම් කටයුතු වලටද බාධා ඇති විය.
 

MOST VIEWED VIDEO STORIES