ආමෙරිකාවට භයානක සුළි කුණාටුවක් - පුද්ගලයින් මිලියන 1.7 ක් ඉවත් කරයි
සයුරෙන් එතෙර

ආමෙරිකාවට භයානක සුළි කුණාටුවක් - පුද්ගලයින් මිලියන 1.7 ක් ඉවත් කරයි

September 13, 2018   11:04 am

 

අමෙරිකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයට බලපෑමට නියමිත සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් මිලියන එකයි දශම හතක පමණ පිරිසක් අදාළ ප්‍රදේශ වලින් ඉවත් කර තිබේ.

අද (13) දින සවස් කාලයේදී උතුරු සහ දකුණු කැරොලීනා ප්‍රදේශ වලට සහ වර්ජීනියා ප්‍රාන්තයට එහි සෘජු බලපෑම් එල්ල වනු ඇති බව එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.

අදාළ ප්‍රදේශ වලට පැයට කිලෝ මීටර 195ක පමණ උපරිම සුළඟේ වේගයක් අපේක්ෂා කරන බව හා එය ඉතා භයානක තත්වයක් වනු ඇති බව ද කාලගුණ බලධාරීන් පවසා තිබේ.

මේ අතර ජනතාවට කඩිනමින් ඉවත් වීම සඳහා කැරෝලීනා හි ප්‍රධාන මාර්ග 04ක් එක් දිශාවකට ගමන් කළ හැකි පරිදි සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (12) දිනයේ ජෝර්ජියා, කැරෝලීනා, මේරිලන්ඩ් ඇතුළු ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ප්‍රපන්ත බලධාරීන් පියවර ගෙන තිබිණි.