අනතුරකින් 09ක් මරුට
සයුරෙන් එතෙර

අනතුරකින් 09ක් මරුට

September 13, 2018   09:20 am


දකුණූ දිග චීනයේ හෙන්ග්යෑන්ග් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට මෝටර් රථයක් ධාවනය කර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

හෙන්ග්යෑන්ග් හි , බින්ජියෑන්ග් චතුරශ්‍රයට එම මෝටර් රථය ධාවනය කර ඇති අතර එහිදී පුද්ගලයින් 43 දෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෝටර් රථයේ රියදුරු විසින් ද්වේශසහගතව, හිතාමතා මෝටර් රථය අදාළ පුද්ගලයින් දෙසට ධාවනය කර ඇති බවට සැක පළ කරන අතර එය ත්‍රස්ථ ක්‍රියාවක් ද යන්න මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව සඳහන්ය.

සැකකරු යෑන්ග් සැන්යුන් නැමැති 54 හැවරිදි පුද්ගලයෙකු වන අතර ඔහුට විරුද්ධව මීට පෙරද අපරාධ චෝදනා පවතින බව චීන බලධාරීන් පවසා ඇත.