මිතිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් නතර වෙයි
සයුරෙන් එතෙර

මිතිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් නතර වෙයි

September 12, 2018   12:06 pm

 

රොකට් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර ක්‍රියාකාරීව පැවති එකම ගුවන් තොටුපල වන මිතිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු නතර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ගුවන් තොටුපලට පැමිණෙන සියලු යානා යලි හරවා යැවීමට බලධාරීන් තීරණය කර ඇත.

ඊයේ (11) රාත්‍රියේ අදාළ ගුවන් තොටුපලට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් සිදුව ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කැරලි කණ්ඩායම අතර පැවති ගැටුම් හේතුවෙන් මීට පෙර තාවකාලිකව වසා දමා තිබූ එම ගුවන් තොටුපල යලි මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කර ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේ බව වාර්තා වේ.