ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32 ක් මරුට
සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32 ක් මරුට

September 12, 2018   09:33 am

 

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 32 කු මියගොස් තිබේ.

තවත් 120ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා  කළේය.

ඇෆ්ගනිස්ථානයේ, නන්ගර්හාර් ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.