Back to Top

සයුරෙන් එතෙර

පාකිස්ථාන හිටපු අගමැතිගේ බිරිඳ මියයයි

පාකිස්ථාන හිටපු අගමැතිගේ බිරිඳ මියයයි

September 12, 2018  09:28 am

Bookmark and Share

 

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බිරිඳ කුල්සූම් නවාස්, මියගොස් තිබේ.

ඇය පිළීකා රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ලන්ඩන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ලන්ඩන්හි සුඛෝපබෝගී මහල්නිවසක් මිලදී ගැනීමට අදාල දූෂණ අක්‍රමිකතා චෝදනා හේතුවෙන් නවාස් ෂරීෆ් පසුගියදා බලයෙන් පහකෙරුණු අතර ඔහුගේ දියණිය හට ද එහිදී චෝදනා එල්ලවී තිබිණි.

කෙසේවෙතත් කුල්සූම් නවාස්ගේ ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගොස් සිටියදී එල්ලවූ එම චෝදනා වලට මුහුණ දීම සඳහා නවාස් ෂරීෆ් හා එම දියණිය පසුගිය ජුලී මාසයේදී නැවත පාකිස්ථානයට පැමිණිමට සිදුවු අතර එහිදී ඔවුන්ට සිර දඩුවම් නියම විය.

මියයන විට කුල්සූම් නවාස් 68 වියෙහි පසුවු අතර පාකිස්ථාන වත්මන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ ඇය ධෛර්යසම්පන්න ගෞරවනීය කාන්තාවක් ලෙසට තමන් හඳුනාගෙන සිටි බවයි.

MOST VIEWED VIDEO STORIES