එංගලන්ත ඉන්දියා අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

එංගලන්ත ඉන්දියා අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

September 9, 2018   09:52 am

 

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන පස් වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා සිටියි.

විරාත් කෝලී ලකුණු 49යි.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 332ක් ලබාගත්තේය.

 එහිදි ජොස් බට්ලර් ලකුණු 89ක්, ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 71ක් සහ මොයින් අලී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම, එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් කඩුලු 4ක් අතැතිව ලකුණු 158ක් පසුපසින් සිටියි.