නාඕමී ඔසාකා ජපාන ඉතිහාස පොත් අතරට එක්වෙයි

නාඕමී ඔසාකා ජපාන ඉතිහාස පොත් අතරට එක්වෙයි

September 9, 2018   09:41 am

 

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයක් දිනාගත් පළමු ජපාන ජාතික කාන්තාව වීමට 20 හැවිරිදි නාඕමී ඔසාකා සමත් විය.

2018 අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඇය විසින් අමෙරිකානු සුපිරි ක්‍රීඩිකා සෙරිනා විලියම්ස්  පරාජයට පත් කළේය.

හයට දෙකක් සහ හයට හතරක් ලෙස ලකුණු සටහන් වූ එම තරගයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් සෙරීනා විලියම්ස් අප්‍රසාදය පල කර ඇති අතර තරගය අවසානයේ දී ඔහුට සුහදතාවය පල කිරීමට අතට අත දීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.