ලොව දක්ෂතම පිතිකරුවන් දෙදෙනා ගැන බ්‍රැයන් ලාරා කියයි

ලොව දක්ෂතම පිතිකරුවන් දෙදෙනා ගැන බ්‍රැයන් ලාරා කියයි

September 7, 2018   03:54 pm

 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සහ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් වර්තමානයේ ලොව සිටින දක්ෂතම පිතිකරුවන් ලෙස හැඳින්විය හැකි බව කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රැයන් ලාරා පවසයි.

විදෙස් වැඩසටහනක් සමඟ එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කගිසෝ රබාඩා ද තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයින් බවයි.

තමා ක්‍රීඩා කළ සමයේ සිටි හොඳම දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඔස්ට්රේනලියාවේ ෂේන් වෝන් හැදින්වූ බ්‍රැයන් ලාරා පන්දුවට පහරදීමේ දී ඔවුන්ගේ පන්දුවලට මුහුණ දීමට තමාට අසීරු වූ බව කියා සිටියේය.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ලාරා සඳහන් කර ඇත්තේ පැය තුනකට පමණ සීමාවන පන්දුවාර 20/20 තරග හෝ ඔලිම්පික් සඳහා ඇතුළත් කිරීමට පියවර ගත යුතු බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් ඉනිමකදී ලකුණු 400 සීමාවට ළඟා වූ පළමු සහ එකම ක්‍රීඩකයා වන 49 හැවිරිදි බ්රලයන් ලාරා 1990 වසරේ සිට 2007 වසර දක්වා කොදෙව් කණ්ඩායම නියෝජනය කළා.