ලෝක සිංහයන්ගේ දිනය සැමරෙයි
සයුරෙන් එතෙර

ලෝක සිංහයන්ගේ දිනය සැමරෙයි

August 10, 2018   05:12 pm

ලෝක සිංහයන්ගේ දිනය සැමරීමට සුප්‍රකට ලන්ඩන් සත්වෝද්‍යානයක් කටයුතු කර තිබේ.

ලෝක සිංහයන්ගේ දිනය නිමිත්තෙන් ලන්ඩන් සත්වෝද්‍යානයේ වෙසෙන ආසියානු සිංහයන් වෙත අපූරු ක්‍රීඩා භාණ්ඩයක් ත්‍යාග ලෙස ලබා දීමට බලධාරීන් කටයුතු කළේය.

ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කෙරෙනු මෙම ක්‍රීඩා භාණ්ඩය පන්දුවක් වූ අතර එහි වෙසෙන සිංහ සොයුරියන් වන හයිඩි,ඉන්ඩි සහ රූබි ඒ සමඟින් ක්‍රීඩා කළ ආකාරය නරඹන්නන්ට අපූරු දසුනක් වූ බව සඳහන් වෙයි.

වර්ණ කිහිපයකින් හැඩගන්වා තිබූ මේ පන්දු සිංහයන්ගේ තියුණු දත්වලට පවා ඔරොත්තු දෙන ආකාරයට සකස් කර තිබුණි.

තුර්කියේ සිට උතුරුදිග ඉන්දියාව දක්වා වාසය කරන ආසියානු සිංහයින්, වදවී යාමේ තර්ජනයට මුහුණදී සිටින සත්ත්ව විශේෂයක්.