වාද්දුව සාදයේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්

වාද්දුව සාදයේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්

August 10, 2018   03:20 pm

වාද්දූව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත් වූ සාදයකදී පුද්ගලයින් සිව් දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත්  සාදය සංවිධානය කළ සමාගමේ ලියාපදිංචි අයිතිකාරිනියගේ ස්වාමිපුරුෂයා සහ එම සමාගමේ ප්‍රචාරක නිලධාරියා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

සැකකරුවන් කඩුවෙල කොරතොට සහ ගොතටුව නව නගරය යන ප්‍රදේශවල පදිංචි 36 හැවිරිදි වියේ පසුවන්නන් වන බව වාර්තා වෙයි.

පසුගියදා වාද්දූව ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයක් අතරතුර හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වුණි.