ප්‍රදේශ කිහිපයක අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 ක් මරුට

ප්‍රදේශ කිහිපයක අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 ක් මරුට

August 10, 2018   02:17 pm

 

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

බලංගොඩ, බෙලිඅත්ත, වැලිකඩ, මුතූර් සහ මහියංගණය යන ප්රගදේශවලින් මෙම අනතුරු වාර්තා වන බවයි පොලිසිය පැවසුවේ.

බලංගොඩ ප්‍රදේශයේදී 35 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇති අතර බෙලිඅත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් 38 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

වැලිකඩ ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් 74 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව සඳහන්ය.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලීමෙන් මුතූර් ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 51 හැවිරිදි පැදිකරු මියගොස් තිබේ.

මහියංගනය අම්පාර ප්‍රධාන මාර්ගයේ අරාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරලීයාමෙන් රියදුරු සහ ඔහුගේ බිරිද තුවාල ලබා ඇති අතර මහියංගණය රෝහලට ඇතුළත් කිරිමේදී කාන්තාව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.