Back to Top

ඥානසාර හිමිට නිරෝගී සුවය පතා දේව කන්නලව්වක්

ඥානසාර හිමිට නිරෝගී සුවය පතා දේව කන්නලව්වක්

August 10, 2018  01:13 pm

Bookmark and Share


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිරෝගී සුවය ලැබෙන් ලෙසත්  උන්වහන්සේට ලැබී ඇති සිරදඬුවමට පොදු සමාවක් ලැබෙන ලෙසත් ඉල්ලා දේව කන්නලව්වක් පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය

මෙම දේව කන්නලව්ව අද(10) උදෑසන සීනිගම දේවාල පරිශ්‍රෙය්දී  පැවැත්වු බවයි. 

දේවකන්නලව්ව කිරීමේන් පසු සෙත් පිරිත් සජ්ජායනා කර පසුව සීනිගම දේවල භූමියේදී පොල් ගසා ඇති බවද අප වාර්තාකරු සඳහක් ළේය.

මෙම දේව කන්නලව්ව සඳහා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ බොදුබල සේනා සංවිධානයේ ගිහි පිරිස් එක්ව සිටි බව වාර්තා වෙයි.