Back to Top

බලාපොරොත්තු වූ විදියටම විපක්ෂ නායක ධූරය සම්බන්දන්ට ගියා-ඒකාබද්ධය කියයි

බලාපොරොත්තු වූ විදියටම විපක්ෂ නායක ධූරය සම්බන්දන්ට ගියා-ඒකාබද්ධය කියයි

August 10, 2018  01:05 pm

Bookmark and Share

 

බලාපොරොත්තු වූ ආකාරයෙන්ම නැවතත් විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා පත්වූ බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුපක්ෂයේ කොටසක් අමාත්‍ය ධූර දරත්දී විපක්ෂ නායක ධූරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබාදී වත්මන් පාර්ලිමේන්තුවම ආදර්ශයක් ලබාදී තිබියදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවසස්ථාව අනුව එසේ කිරීමේ හැකියාවක් නොමැති බව කථානායකවරයා ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවසීය.