ගංවතුර නිසා විපතට පත් පුද්ගලයින් 1600 ක් ඉවත් කරයි
සයුරෙන් එතෙර

ගංවතුර නිසා විපතට පත් පුද්ගලයින් 1600 ක් ඉවත් කරයි

August 10, 2018   09:54 am

 

දැඩි වර්ෂාවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් විපතට පත් වූ පුද්ගලයින් 1600 දෙනෙකු පමණ ඉවත් කිරිමට ප්‍රංශ බලධාරින් පියවර ගෙන තිබේ.

දකුණු දිග ප්‍රශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් 70 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු අතුරුදන්ව ඇති බව ද වාර්තා වේ.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ රජයේ දෙපාර්තමේන්තු 06ක් ගංවතුර අවධානම පිළිබඳ සැලකිල්ලෙන් පසුවන බවයි.

සාමාන්‍යයෙන් යුරෝපයට මෙම කාලය තුළ වැසි රහිත කාලගුණයක් පැවැතිය ද එම තත්ත්වය වෙනස්වී දැඩි ගංවතුර තත්ත්වයක් බලපා තිබේ.