ජනපතිගේ සොරා ගැණුනු රන් පළඳනාව සොයා ගනියි
සයුරෙන් එතෙර

ජනපතිගේ සොරා ගැණුනු රන් පළඳනාව සොයා ගනියි

August 10, 2018   09:44 am

පසුගියදා සොරා ගැණුනු බොලීවියා ජනාධිපති එවෝ මොරාලෙස්වරයාට අයත් කර පළදනාව නැවත හමුවී තිබේ.

රනින් නිමවා ඇති මේ පළඳනාව සැලකෙන්නේ එරට නායකත්වයේ සංකේතයක් ලෙසයි.

පළදනාව පසුගියදා සොර ගැනීමට ලක්වූයේ ආරක්ෂාව භාරව සිටි නිලධාරියාගේ අපරික්ෂාකාරී හැසිරීමක් හේතුවෙනි.

ජනාධිපතිවරයා සමඟ කොචබම්බා නගරය දක්වා රැගෙන යාමට ගුවන්තොටුපොළ රැදී සිටියදී කිසිවකු විසින් පළදනාව සොරාගෙන ගොස් ඇති බවට වාර්තා විය.

කෙසේ නමුත් දිගින් දිගටම පැවැති වේගවත් පොලිස් පරීක්ෂණ අතරතුර සී.සී.ටීවී කැමරා දර්ශන නිරීක්ෂණය මඟින් අවසානයේදී පළඳනාව සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබුණු බව සඳහන් වෙයි.

විශේෂ අවස්ථාවලදී ජනාධිපති මොරාලෙස් නිරන්තරයෙන් භාවිත කරන මේ පළදනාව බොලීවියානු නායකයකුට හිමි ගෞරවනීය සලකුණක් වෙයි.

බොලිවියාවේ 193වැනි ජාතික සමරුවක් සඳහා පසුගිය 6වැනිදා මොරාලෙස් මේ පළඳනාවෙන් සැරසී සිටියත් ඊට පසුවෙනිදා පැවැති උත්සවයේදී ඔහු එය පැළද සිටියේ නැහැ.

බොලිවියා රාජ්‍යය බිහිවූ 1825 වසරේ දී නිර්මාණය කෙරුණු මේ පළදනාව රනින් සාදා එමරල්ඩ් මැණික් ඔබ්බවා සකස් කර තිබේ.