වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මොහොමඩ් අබ්බාස්

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මොහොමඩ් අබ්බාස්

August 9, 2018   03:22 pm

 

පාකිස්ථාන ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මොහොමඩ් අබ්බාස් හට හිමිව තිබේ.

ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (08) කරච්චි නුවර දී පවත්වා ඇති අතර එහිදී වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය හසන් අලීට හිමිව ඇති බව සඳහන්ය.

බාබර් අසාම් වසරේ 20/20 ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.

සුවිශේෂී දක්ෂතා දැක්වීම වෙනුවෙන් ෆකර් සමාන් විශේෂිත වූ සම්මානයකින් පිදුම් ලබා ඇති අතර පාකිස්ථාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කළ වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානය පාත්රී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.