ඉන්දියාවේ ඛනිජ තෙල් පිරිපහදුවක ගින්නක්
සයුරෙන් එතෙර

ඉන්දියාවේ ඛනිජ තෙල් පිරිපහදුවක ගින්නක්

August 9, 2018   12:09 pm

ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඛනිජතෙල් පිරිපහදුවක ගින්නක් හටගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 45 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඛනිජතෙල් පිරිපහදුවක පිපිරීම් කිහිපයක් සිදුව ඇති අතර අනතුරුව එය ගිනි ගැනීමට ලක්ව තිබේ.

ගින්නත් සමඟ ප්‍රදේශයේ ඝන දුමාරයක්ද පැතිර ගොස් තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 45 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් සඳහන් වෙයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවීම් සේවකයින් මේ වන විට සමත්ව තිබේ.

බොයිලේරුවක් පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බවට සැක පල කෙරෙන අතර ඒ සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.