Back to Top

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

August 9, 2018  11:37 am

Bookmark and Share

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආසන්නයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක් හට ගෙන තිබේ.

පසුගිය දා එම ප්‍රදේශයේම ඇති වු රික්ටර් මාපක 6.9 ක් වු භූ කම්පනයෙන් පුද්ගලයින් 131 දෙනෙකු මිය ගිය අතර, පුද්ගලයින් 156,000 කට නිවාස අහිමි විය.

එම සිදුවීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

කඩාවැටුණු ගොඩනැඟිලිවල සුන්බුන් තුළ තවත් පිරිස් සිරවී තිබූ පුද්ගල මළ සිරුරු කිහිපයක් සොයා ගැනීමට සෝදිසි මෙහෙයුම්වලදී හැකිවී තිබුණි.

කෙසේ නමුත් ඇතැම් විදෙස්  වාර්තාවල දැක්වෙන්නේ සිදුවීමෙන් පුද්ගලයින් 300කට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

තවමත් සුන්බුන් තුළ සිරවී සිටින බවට සැක පල කෙරෙන පිරිස් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙයි.