ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නම් කරයි

August 9, 2018   11:02 am

 

දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමඟ පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එම සංචිතයට ද වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවා නොමැති බව වාර්තා වේ.

20යි 20 කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් ට හිමිව ඇති අතර දිනේෂ් චන්දිමාල් , උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක සංචිතයට ඇතුළත් කර තිබේ.

ඊට අමතර ව සුරංග ලක්මාල්, අකිල ධනංජය , ෂෙහාන් ජයසූරිය, ලහිරු කුමාර, ෂෙහාන් මධුසංක, ජෙෆ්රිු වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන් සංචිතයට නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමඟ පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරඟය ලබන 14 වන දින ආර්.ප්රේනමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.